Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටට හතුරුවන කිසිදු සංශෝධනයක් ගෙන එන්නේ නෑ- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  

Add comments

විසි වෙනි සංශෝධනය ආපසු හරවන්න ඉඩක් නොමැති බවත් රටට හතුරුවන කිසිදු සංශෝධනයක් ගෙන එන්නේ නැති බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

20 වැනි සංශෝධය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අනතුරුව ඊට  ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මහජන මුදල් වැය කරන පාර්ලිමේන්තුවේ කටයුතු අඩපන කිරීමට විපක්ෂයේ විරෝධතාවලට ඉඩ නොතබන බවයි.

19 වැනි සංශෝධනය අහෝසි කර මේ රටට අලුත් ව්‍යවස්ථාවක් ද ගෙන ඒමට කටයුතු කරන බවත් රජයට ලැබුණු ජනවරම යටපත් කිරීමට ඉඩ ලබා නොදෙන බවත් මහජනතාව ගෝඨාභය රාජපක්ෂ රජයට ලබාදුන් ජනවරමට අඹමල් රේණුවක වැරැද්දක් විමට ඉඩ නොතබන බවද කීය.

එදා පාර්ලිමේන්තුව අණපනත් සංශෝධනය කළ හැටි දැක්කා.ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ආකාරය දැක්කා.මුදල් පනත් අප ගෙන් එන්නේ ජනතා යහපතටයි. කොවිඩ් වසංගතයෙන් පසුවත් ජනතාවට සහන ලබාදුන්නා. අපි මේ රටට හතුරුවන සංශෝධන ගෙන එන්නේ නෑ. ආර්ථිකයට විශාල ශක්තියක් ගෙන එන දැනෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලබාදෙන අයවැයක් මුදල් ඇමැතිතුමා ගෙන එන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

The post රටට හතුරුවන කිසිදු සංශෝධනයක් ගෙන එන්නේ නෑ- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG