බටහිර ඇමෙරිකාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස දහස් ගණනක් විනාශ වී තිබෙනවා.
ලක්ෂ පහකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කර ඇති බව සහන කණ්ඩායම් සදහන් කරනවා. ලැව්ගිනි සියයක් පමණ හටගෙන ඇති බවයි ඇමෙරිකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදය කරන්නේ. ගිනි නිවන භටයින් තුන්දහසක් පමණ ගිනි නිවීමේ කටයුතු සදහා යොදවා තිබෙනවා.
විපතට පත් පිරිස් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයට බලපා ඇති දැඩි උණුසුම් සහ සුළං සහිත කාලගුණය ලැව්ගිනි ව්‍යාප්තියට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
The post බටහිර ඇමෙරිකාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment