Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අකුරල පාලම අසල දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකුට තුවාල  

Add comments

අම්බලන්ගොඩ අකුරල පාලම අසල දී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු තුවාල ලැබුවා.

අම්බලන්ගොඩ සිට ගාල්ල බලා ධානය වූ මෝටර් රථයක් අකුරල පාලමේ බැම්මේ වැදී අසල ඇළට වැටීමෙනුයි අනතුර සිදුවුණේ. මේ නිසා පාලමේ ජල නලයකට ද හානි සිදුවුණා.

ඇලට වැටී තිබූ රථය දොඹකරයක ආධාරයෙන් ගොඩගැණුනා. මෝටර් රථයෙහි තුන්දෙනෙකු ගමන්කර තිබූ අතර රියදුරු පමණක් තුවාල ලබා රොහල් ගත කෙරුණා.

රියදුරුට රිය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වනවා.

 

 

 

 

The post අකුරල පාලම අසල දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG