රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ තුරුණු සවිය අරමුදල මගින් රටපුරා රබර් වෙන්දේසි ක්‍රමයක් හදුන්වාදී තිබෙනවා.
මෙහි පළමුවැන්න රත්නපුර දී ඊයේ (10) පැවැත්වුණා. කුඩා රබර්වතු හිමියන්ට අතරමැදියන්ගෙන් තොරව තම නිශ්පාදන සෘජුවම ගැණුම්කරුවන් වෙත ලබා දිමේ අවස්ථාව හිමිවනවා. ඒ තුළින් රබර් සදහා ඉහළ මිලක් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම මෙහි අරමුණයි.
ගැණුම්කරුවන් වශයෙන් කර්මාන්තශාලා හිමියන් හය දෙනෙකු සහභාගී වී සිටියා. රබර් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post රටපුරා රබර් වෙන්දේසි ක්‍රමයක් appeared first on ITN News.
Post a Comment