දේශසීමා සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර පැනනැගී ඇති අර්බුදකාරී තත්ත්වය ඉක්මනින් විසදාගැනීමට දෙරටේ බලධාරීන් එකගතාව පළකර තිබෙනවා.
දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකදීයි මෙම එකගතාවයට එළඹ ඇත්තේ. පවත්නා තත්ත්වය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා කෙරෙහි අහිතකර බැවින් හැකි ඉක්මනින් එම ගැටලු විසදා ගැනීමට කටයුතු කරන බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අද සදහන් කළා.
එමෙන්ම දේශසීමා ආසන්නයේ දී ගිනි අවි භාවිතය ද තහනම් කිරීමටයි එකගතාවය පළවී ඇත්තේ. ඉන්දියාවේ හා චීනයේ හමුදා සෙබලුන් විටින් විට දේශසීමා නීති උල්ලංඝනය කිරීම ගැටලු පැනනැගීමට මූලික වී තිබෙනවා.
දෙරටේ නායකයින් දේශසීමා සම්බන්ධයෙන් එළඹ ඇති එකගතාවයන් කඩ කිරීම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී හටගන්නා ගැටුම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
The post ඉන්දියාව හා චීනය අතර ඇති අර්බුදකාරී තත්ත්වය ඉක්මනින් විසදාගැනීමට එකඟතාවක් appeared first on ITN News.
Post a Comment