දකුණුදිග චීනයේ හොටලයක සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් තුන්දෙනෙක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා.
ගුවැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ හෝටලයක පිපුරුම සිදුවී ඇති අතර ගෑස් කාන්දුවක් එයට හේතුවී ඇති බවයි පොලීසිය නිවේදනය කරන්නේ. තුවාල ලබා ඇති පුද්ගලයින් තුන්දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
පිපුරුමෙන් අවට වෙළෙදසැල් කිහිපයකට හා නිවාස කිහිපයකට ද හානි සිදුවී තිබෙනවා. පිපිරුමත් සමග ඇති වූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන බව පොලීසිය පවසනවා.
The post දකුණුදිග චීනයේ හොටලයක සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් තුන්දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment