ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ මහලේකම් තුරෙයි රත්නසිංගම් මහතා ඉල්ලා අස්වී තිබෙනවා. තම ඉල්ලා අස්වීම පක්ෂ නායකත්වයට දැනුම්දුන් බවයි රත්නසිංගම් මහතා පවසන්නේ.
පක්ෂ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක මාවෙයි සේනාධීරාජා මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දුන් බව තුරෙයි රත්නසිංගම් මහතා පවසනවා. 2014 වසරේ සිට මේ දක්වා පක්ෂ මහ ලේකම්වරයා ලෙස තමා කටයුතු කළ බවත් පෞද්ගලික හේතු මෙන්ම පක්ෂය තුළ හටගෙන ඇති අභ්‍යන්තර අර්බුද හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් තුරෙයි රත්නසිංගම් මහතා පක්ෂ නායකත්වයට යොමු කළ ලිපියේ සදහන් කර තිබෙනවා.
එම ලිපියේ පිටපතක් දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්දන් මහතාටද යොමු කිරීමටයි රත්නසිංගම් මහතා පියවර ගෙන ඇත්තේ.
The post ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ මහලේකම් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.
Post a Comment