මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන කිහිපයක නරි ගැටලුවට විසදුම් ලබාදීමට අදාළ අංශ පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීම ඉන් ප්‍රධානයි.
මිල්ලනිය ප්‍රදේශයේ නරින් සපා කෑමේ අවදානමක් පිළිබඳ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වුණා. නරියෙකුගේ සපාකෑම හේතුවෙන් මේ වනවිට දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම තත්ත්වයට විසදුම් ලබාදීමේ සාකච්ඡාවක් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ කළුතර දිසා ලේකම් තිලංකා වෙත්තසිංහ මහත්මියගේ සහ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ මුලිකත්වයෙන්. ප්‍රාදේශීය ලේකම්වරුන්, වනජීවී නිලධාරීන් සහ සෞඛ්‍ය නිලධාරීන් ද ඊට එක්ව සිටියා. නරින් ගම් වැදීම හා සපාකෑම ඇතුළු සිද්ධීන් දැනුම්දීම සඳහා 1992 දුරකතන අංකය හදුන්වාදීම මෙහිදී සිදු කෙරුණා. සාකච්ඡාවෙන් අනතුරුව මෙම නිලධාරීන් ක්ෂේත්‍ර චාරිකාවකද නිරත වුණා. නරියෙකු සපාකෑම නිසා ජලභීතිකා රෝගය වැළඳුනු බවට සැක කෙරෙන ගවයෙකු ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා.
The post නරින් ගම් වැදීම හා සපාකෑම ඇතුළු සිද්ධීන් දැනුම්දීමට දුරකතන අංකයක් appeared first on ITN News.
Post a Comment