Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කහපොල සුරන්ජි කුඩුත් එක්කම පොලිස් දැලේ  

Add comments

විදෙස්ගතව සිට හෙරෙයින් ජාවාරම් මෙහෙයවන ධර්මසිරි පෙරේරා යන අයගේ ගෝලයෙකු වන කහපොල සුරංජි යන අය පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් දෙකක් ද සමඟයි.

මේ අතර 60 හැවිරිදි කාන්තාව සිය පුතුන් දෙදෙනා ද සමඟ සිදුකරගෙන ගිය බව කියන  මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක් පල්ලෙවෙල පොලිසිය මගින් හෙළිකර ගැනුණා. කාන්තාව මත්කුඩු බෙදා හැරීම සඳහා යමින් සිටියදී අත්අඩංගුවට පත්වුණා. ඒ ඇයගේ ඇදුම්වල සගවාගෙන තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 400 ක් ද සමගයි. ඇය ළග තිබි ජංගම දුරකතය 6ක්ද සොයා ගැනුණා. මුදල් නොමැති අයට ජංගම දුරකතන ඇපයට තබාගෙන මත්කුඩු බෙදා හැර ඇති බවයි පොලිසිය පවසන්නේ.

හෙරොයින් මිලිග්‍රෑම් 1460ක්, යතුරු පැදියක් සහ මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ හොරණ පෝරුව දණ්ඩ ප්‍ර දේශයේදීයි.

 

 

The post කහපොල සුරන්ජි කුඩුත් එක්කම පොලිස් දැලේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG