ජෝර්දානයේ හමුදා අවි ගබඩාවක විශාල පිපිරීමක් සිදුව තිබෙනවා.
ජෝර්දානයේ අම්මාන් නුවරට ආසන්නයේ සර්කා නගරයේ පිහිටි හමුදා අවි ගබඩාවේ සිදුවූ පිපිරීමත් සමග විශාල ගින්නක් හටගත් බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.
අවි ගබඩාවේ භාවිතයට නොගත් මෝටාර් බෝම්බ ගබඩාකර තිබූ බව ද සදහන්. ගතවූ පැය 24 තුළ ජෝර්දානයෙන් වාර්තාවන උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවා ගිය බවද වාර්තා වනවා.
අවි ගබඩාව තුළ පැවති අධික උෂ්ණත්වය පිපිරීමට හේතුවන්නට ඇතැයි හමුදා අංශ සදහන් කරනවා.
The post ජෝර්දානයේ හමුදා අවි ගබඩාවක විශාල පිපිරීමක් appeared first on ITN News.
Post a Comment