දිනෙන් දින ඉහළ යන කැලිකසල කළමනාකරණය වර්තමානය වනවිට ප්‍රභල අභියෝගයක් වී තිබෙනවා. එම අභියෝගයට මුහුණ දෙමින් සාර්ථක විසදුමක් දුන් තරුණයෙකු පිළිබද මහනුවර දොළුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
කැලිකසල රථයක් තුළට රැස්කර ඒවා කැබලි කිරීම හා වර්ග කළහැකි යන්ත්‍රයක් මෙසේ නිර්මාණය කිරීමට දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න සමත්වුණා. මග දෙපස ගොඩගැසී ඇති කැලිකසල දොඹකරයක ආධාරයෙන් රථයට යොමු කිරීම සිදුවනවා. එහිදී ප්ලාස්ටික්, දිරා යන අපද්‍රව්‍ය සහ යකඩ වශයෙන් අපද්‍රව්‍ය වර්ග කෙරෙනවා.
අනතුරුව ඒවා ඉතා කුඩා කැබලිවලට බෙදා වෙන්කිරීම මෙම රථය තුලදීම සිදුවීම විශේෂත්වයක්. කිසිදු ගදක් වහනය වන්නේ නැති පරිදි රසායනික ද්‍රව්‍යයක් ඉසීමද රථය තුලදීම සිදුවීම තවත් විශේෂත්වයක් වනවා.
තමන් මීට පෙර ද මෙවැනි රථයක් නිර්මාණය කළ බව විකුම් සම්පත් පවසනවා. එහෙත් එය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි නොකිරීම හේතුවෙන් යකඩවලට කපා ඉවත් කිරීමට තීරණය කළ බව කසල යන්ත්‍රය නිෂ්පාදනය කළ විකුම් වැඩිදුරටත් කියා සිටිනවා.
The post කැලිකසල රථයක් තුළට රැස්කර ඒවා කැබලි කිරීම හා වර්ග කළහැකි නව යන්ත්‍රයක් නිපදවයි appeared first on ITN News.
Post a Comment