Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් මත්ද්‍රව්‍ය සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් ග්‍රෑම් හයයි මිලි ග්‍රෑම් හත්සිය විස්සක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිස්පහක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සමත්වුණා.

දෙහිවල ඕබන් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරුවන් සන්තකයේ තිබී පවුම් හයක රන් භාණ්ඩ ජංගම දුරකථන හයක් මත්ද්‍රව්‍ය කිරීම සදහා භාවිත කරන ඉලෙක්ට්‍රොනික් තරාදියක් සහ මුදලින් රුලියල් තුන්ලක්ෂ විසි පන්දහසක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරයෙකුගේ පුත්‍රයෙකු හා ඔහුගේ මිතුරෙකු හොරොයින් ග්‍රෑම් දොළහයි මිලි ග්‍රෑම් පන්සියක් සමඟ  අත්අඩංගුවටගත් බව නිට්ටඹුව පොලීසිය පවසනවා.

වැල්ලම්පිටිය පොලීසියට ලැබුණ තොරතුරකට අනුව කොටුවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය  අලෙවි මධ්‍යස්ථානයක් පොලීසිය අද (19) වටලනු ලැබුවා. මත්කුඩු ග්‍රෑම් පහයි මිලි ග්‍රෑම් තුන්සීයක් සහ මුදලින් රුපියල් විසි හත්දහසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

The post අයිස් මත්ද්‍රව්‍ය සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG