පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ජාවාරමට සම්බන්ධ 28 දෙනෙකු හා නීති විරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ පනස් දෙදෙනෙකු ඊට ඇතුළත්.
මේ අතර පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයේ පොලීසිය කළ වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 600ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් මෙම ගංජා තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් පුලිදිවාසල් හා පාලවිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
The post පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 118 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment