සමාන පරතරයකින් වී ඉසීම සිදු කළ හැකි යන්ත්‍රයක් නිපදවීමට ගාල්ල ඉමදූව දික්කුඹුර ප්‍රදේශයේ පදිංචි එරංග කොඩිතුවක්කු මහතා සමත් වී තිබෙනවා.
වෘත්තියෙන් රක්‍ෂණ නියෝජිතයෙකු වන එරංග කොඩිතුවක්කු මහතා වසර 9 ක පමණ කාලයක සිට වස විෂෙන් තොර පාරම්පරික දේශීය වී වගාව ද සිදුකරගෙන යනවා. එහිදී පේළි අතර හා පැළ අතර පරතරය පවත්වා ගැනීමට උචිත වන අයුරින් වී ඉසීම සිදු කළ හැකි නව යන්ත්‍රයක් නිපදවීමට ඔහු සමත් වුණා. අන්තර්ජාලය පරිහරණය කරමින් තම නිවසේදීම ඉතා පහසුවෙන් මෙම නිර්මාණය සිදු කළ බවයි එරංග කොඩිතුවක්කු මහතා පවසන්නේ.
The post සමාන පරතරයකින් වී ඉසීම සිදු කළ හැකි යන්ත්‍රයක් appeared first on ITN News.
Post a Comment