පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් නිවාස 30 කට හානි සිදුව තිබෙනවා.
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මදුරංගල හා මුතුගල යන ගම්මාන හරහා මෙම සුළග හමා ගිය බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා සදහන් කළේ. විනාඩි 10 ක පමණ කාලයක් පැවති මෙම සුළගින් නිවාස 30 කට හානි සිදුව තිබෙනවා.
මාර්ග කිහිපයකට ගස් කඩා වැටීම් ද සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ. පීඩාවට පත් පවුල්වලට සහන සැලසීම මේ වන විට සිදුවනවා.
The post වැලිකන්ද ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් නිවාස 30කට හානි appeared first on ITN News.
Post a Comment