Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 351 ක් හඳුනා ගැනේ  

Add comments

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 351 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඉන් 03 දෙනෙකු විදේශවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින්. සෙසු පුද්ගලයින් 348 දෙනා දේශීව හදුනාගත් පුද්ගලයින් බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් කොවිඩ් පොකුරේ අද උදෑසන වන විට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4400  දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලයින් 1041 දෙනෙකු ඒම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයින් 3359 දෙනා කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්. මේ අතර ඊයේ දිනයේදී පෑලියගොඩ  මත්ස්‍ය වෙළද සංකීරණය ආශ්‍රිව කොවිඩ් ආසාදිතයින් 312 දෙනෙකු හඳුනා ගැනුණා. කොළඹ, මට්ටක්කුලිය, මෝදර, බොරැල්ල, ග්‍රෑන්ඩ්පාස්, කිරුළපන, දොම්පේ, මහර, වත්තල,  මිනුවන්ගොඩ, බියගම, සීදුව,  අත්තනගල්ල, ජාඇල, නාරාහේන්පිට, වැල්ලවත්ත, දෙමටගොඩ, නෙලුව සහ ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුන් පිරිසකුයි මෙසේ  ආසාදිතයන් ලෙස හඳුනාගැනුණේ.

The post අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 351 ක් හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG