Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යයි  

Add comments

ඇමෙරිකාවේ ප්‍රාන්ත හයකින් දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

අයෝවා, මිනසෝටා, මොන්ටානා, කැන්සාස්,හවායි හා ඩිස්කොන්සින් යන ප්‍රාන්තවලයි මෙලෙස කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ. දිනකට එරට සිදුවන කොරෝනා මරණ සංඛ්‍යවෙහි සාමාන්‍ය අගය හත්සිය තිස්හතරක් පමණ වන අතර අප්‍රේල් මාසයේදී එම අගය දෙදහස් තුන්සිය තිස් තුනක් වැනි ඉහළ අගයකයි පැවතියේ. ඒ හේතුවෙන් පාසල් හා ව්‍යාපාරික ස්ථානවලට නව සෞඛ්‍ය විධිවිධාන පැනවීමටද ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.  පසුගිය සතියේ දී දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව හතළිස් දහස ඉක්මවා ගියේ අගෝස්තු මාසයට පසු පළමු වරටයි.

 

 

 

The post ඇමෙරිකාවේ දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG