Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපයේ දෛනික කොරෝනා මරණ 40%කින් ඉහළ යයි  

Add comments

යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 40 කින් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශිකා ආචාර්ය මාග්‍රට් හැරිස් පෙන්වා දෙන පරිදි ප්‍රංශය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය හා රුසියාව ඇතුව රටවල කෝවිඩ් මරණ සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

රුසියාවේ දිනකට සිදු වන මරණ ගණන 320 ක්. ඉතාලියේ එම සංඛ්‍යාව 221 ක් වනවා.  ඇමෙරිකාව,  ඉන්දියාව හා බ්‍රසීලයට පසුව වැඩිම කෝවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ ද රුසියාවෙන්.

ඉතාලියේ ගත වූ පැය 24 තුළ ආසාදිතයන් විසි දෙදහසක් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ වුවද ඉතාලි ජනතාව වීදි බැස විරෝධතාවල නිරතවන ආකාරය දැක ගත හැකියි.

ජනතාවගේ අඩු උනන්දුව කෝවිඩ් මරණවලට ප්‍රධානම  හේතුව බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ.

 

 

 

 

The post යුරෝපයේ දෛනික කොරෝනා මරණ 40%කින් ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG