ගතවූ දින හතක කාලය තුළ පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ වසංගතය ආරම්භයේ සිට කෙටිම කාලයකින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කොරෝනා මරණ ගණන 40%කින් පමණ ඉහළ ගොස් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාවෙන් 1/3ක් පමණ වාර්තා වන්නේ ප්‍රංශය , ස්පාඤ්ඤය , නෙදර්ලන්තය සහ රුසියාව යන රටවල්වලින් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් පෙන්වා දෙනවා. එම රටවල රෝහල් දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී යාම කණගාටුවට කරුණක් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
The post ගතවූ දින 7 තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment