ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ යාමත් සමගම නගර වැසියන් ශ්වසන අපහසුතාවලට මුහුණ දී සිටින බව වාර්තා වනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ වායු දූෂණයට එරෙහිව සටන් කිරීමට සිදුවීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කරන බවටයි බලධාරීන් චෝදනා කරන්නේ. දෛනික කටයුතු සදහා නගරයට පැමිණෙන බොහෝ පිරිසක් ශ්වසන අපහසුතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත පැමිණිලි කර තිබෙනවා. දිල්ලි නගරයේ වායු දූෂණය මේ වන විට ව්‍යසනකාරී තත්ත්වයකට පරිවර්තනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. එළඹෙන ශීත සෘතුවත් සමග මෙම තත්ත්වය තවත් දරුණු අතට පත්වීමට ඉඩකඩ ඇති බව පරිසරවේදීන් සදහන් කරනවා. වෛරස ව්‍යාප්තිය හමුවේ නවතා තිබූ කර්මාන්ත යළි ආරම්භ කිරීම හා අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන කොටස් පුලුස්සා දැමීම වායු දූෂණය ඉහළ යාමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
The post දිල්ලි වායු දූෂණය නිසා නගර වැසියන් ශ්වසන අපහසුතාවලට මුහුණ දෙයි appeared first on ITN News.
Post a Comment