ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දෙදින නිල සංචාරය අරඹමින් අද රාත්‍රී 7.35 ට පමණ දිවයිනට පැමිණියා. ඒ ඉන්දීය සංචාරය අවසන් කරමින්. මේ අතර ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සංචාරය අතරතුර ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පවතින බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වනු ඇති. ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ මෙරටට පැමිණෙන ඉහළ පෙලේ ඇමෙරිකා රාජ්‍ය නිලධාරියා වන්නේද මොහුයි. ඒ මහතා හෙට දිනය දක්වා මෙරට රැදී සිටිනවා. මයික් පොම්පියෝ ආසියානු නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණියේ ඊයේ දිනයේදීයී. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත් සිංග් හා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමග ඔහු අද ද්වීපාර්හ්වික සාකච්ඡා පැවැත්වුවා. එමෙන්ම ආරක්ෂක හා භූ අවකාශ සහයෝගීතාව සම්බන්ධයෙන් වන ගිවිසුම්වලටද අත්සන් තැබුවා. එමෙන්ම එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉහළ පෙලේ නායකයන් ද මුණගැසී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. ඉන් අනතුරුවයි මෙරටට පැමිණීම සදහා ඉන්දියාවෙන් පිටත් වුණේ. අද රාත්‍රී 07.35 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණීයා.
මෙම සංචාරය පිළිබද විශේෂ නිවේදනක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ ශ්‍රි ලංකාවේ අභිමතාර්ථයන්ට අත්තනෝමතික ලෙස ඇමෙරිකාව මැදිහත්වීම් සිදු නොකළ යුතු බවයි. රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සිදු වන්නේ ශ්‍රී ලංකාව කෝව්ඩ් 19 හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දී ඇති අවස්ථාවකයි.
ඇමෙරිකාව තුල දැනට මිලියන 8.8 ක කොරෝනා ආසාදිතයන් සිටින නිසා සිහ මරණ දෙලක්ෂ තිස් දහසක් සිදුවඇති පසුබිමක මෙම සංචාරයට සමගාමීව විශාල නියෝජිතයන් පිරිසසක් මෙරටට එවීම සෞඛ්‍ය නීති රීතිවලට ගැටලුවක් බවට චීන රජය සදහන් කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සදහා මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමක් සිදු කරන ලෙසට කරන ලද ඉල්ලීම තුළින් සත්කාරක රාජ්‍යයට ගෞරවයක් හිමිවන්නේ කෙසේදැයි අදාළ නිවේදනය මගින් චීනය ප්‍රශ්න කර තිබෙනවා.
The post ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දිවයිනට appeared first on ITN News.
Post a Comment