ශ්‍රේෂ්ඨාධිකරණයට එමී කොනේ බැරට්ගේ පත්වීම ඇමෙරිකා සෙනෙට් සභාව අනුමත කර තිබෙනවා.
ජනාධිපතිවරණයට සතියක පමණ කාලයක් තිබියදී මෙම අනුමත කිරීම විශේෂත්වයක්. එමී කොනේ බැරට්ගේ පත්වීම ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට එක්තරා අතකින් ජයග්‍රහණයක් වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ. සෙනෙට් සභාව තුළ ජනාධිපතිවරයා පිළිබද තිබෙන විශ්වාසය එමගින් තහුවරු වී තිබෙනවා. ඡන්ද 52 ට 48 ක් ලෙස ඇමෙරිකා සෙනෙට් සභාව නව පත්වීම අනුමත කළා. සියලුම ඩිමොක්‍රටික් පාක්ෂිකයන් මෙම පත්වීමට විරුද්ධව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.
The post එමී කොනේ බැරට්ගේ පත්වීම ඇමෙරිකා සෙනෙට් සභාව අනුමත කරයි appeared first on ITN News.
Post a Comment