ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින් සිදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් ජනතාවට සැපයෙන සේවා අඛණ්ව පවත්වාගෙන යන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ. වයිරසය පැතිර යාම පාලනය කිරීම සදහා පනවා ඇති සීමා හේතුවෙන් ජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට අපහසුතා මතු වී තිබෙනවා. එය සැළකිල්ලට ගෙන දුරකතන තැපෑල සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ජනතා ඉල්ලීම් දැනුම් දීමට මෙන්ම ඉටුකිරීමට ද අවස්ථාව සළසා තිබෙනවා.
The post ජනාධිපති කාර්යාල සේවා සන්නිවේදන මාධ්‍ය මගින් appeared first on ITN News.
Post a Comment