Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයට ප්‍රථම නෞකාව පැමිණෙයි  

Add comments

ආසියාවේ නෞකා ගමනාගමනයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකා වරාය පද්ධතිය පත් කිරීමේ ගමනේ තවත් සුවිශේෂි පියවරක් අද (27) සනිටුහන් වුණා.

ඒ කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයට ප්‍රථම නෞකාව පැමිණීමයි.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉදි කෙරුණේ මහින්ද චින්තන ප්‍රතිපත්තියේ යෝජනාවකට අනුවයි. එම බහලුම් පර්යන්තය වෙත පළමු වරට බහලුම් රැගත් නෞකාවේ මංගල සම්ප්‍රාප්තිය අද සිදුවුණා. එම සමාරම්භක උත්සවය පැවැත්වුණේ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර,  වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන් ද එම අවස්ථාවට එක් වුණා.

ආනයන,  අපනයනය මෙන්ම ප්‍රති අපනයන කාර්යයන් හරහා මෙම පර්යන්තයේ සේවය ආර්ථිකයට ලබාගත හැකි වුවද පසුගිය රජය සමයේ එය සිදුවූයේ නැහැ. මීටර් හාරසිය පනහක දිගින් යුතු පර්යන්තය ඉදිකිරීමේ කටයුතු 2015 වසරේ අවසන් කෙරුණද වසර පහකට අධික කාලයක් කිසිදු මෙහෙයුම් කටයුත්තක් සිදු නොවීමේ වාතාවරණයක් මධ්‍යයේ වත්මන් රජය නැගෙනහිර බහලුම් පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කළේ ජේ.සී.ටී. පර්යන්තයට අදාළ දොඹකර යොදා ගනිමින්. මෙහි දෙවන අදියර යටතේ මීටර් හයසීයක දිගින් යුතු නව පර්යන්තයක් ඉදි කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

 

The post කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයට ප්‍රථම නෞකාව පැමිණෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG