Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෑම ගමකටම, සෑම පවුලකටම පානීය ජලය ලබාදීමේ දුෂ්කර අභියෝගය ජය ගැනීමට ඒකාබද්ධ සැලැස්මක්  

Add comments

කොවිට් 19 වසංගතය හේතුවෙන් නිරෝදාන ඇඳිරි නීතියට යටත්ව ඇති පොලිස් බල ප්‍රදේශයේ මහජනතාවගේ ජල සැපයුම් ඇඳිරි නීති කාලය ඉවත් කර මෙම තත්ත්වය සමනය වන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දෙන ලදී.

ඒ අනුව බිල්පත් නිසි පරිදි ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මෙම ප්‍රදේශයන්හි පාරිභෝගිකයන්ගේ ජල සම්බන්ධනයන් විසන්දි නොකරන බව වැඩිදුරටත් දැනුම් දෙන ලදි.

පස් අවුරුදු සැළැස්මක් හරහා සෑම නිවසකටම පානීය ජලය ලබා දීම සැළසුමයි. මේ වසර තුළ ජල සැපයුම් ලක්ෂයක් ලබා දෙන බවයි සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා  සදහන් කළේ.

නව ජල සම්බන්ධන ලක්ෂයක් ලබා දීම සඳහා උපක්‍රමික ක්‍රියා මාර්ගය තුනක් මේ වන විට හඳුනාගෙන ඇති අතර එනම් දැනට අක්‍රියව සහ නිසි සැපයුමට බාදා ඇති නල පද්ධතීන් සහ පොම්ප කඩිනමින් පිළිසකර කර ක්‍රියාත්මක කිරීම. ජලය අවශ්‍ය තරම් මුදා නොහැර ජල ටැංකිවල රඳවා ගැනීම සහ ජල පිරිපහදු මධ්‍යස්ථානයන් හි එම පිරිපහදු කිරීමේ ධාරිතාවය ඉහළ නංවා වැඩිපුර පිරිපහදු ජලය නිකුත් කිරීම, මෙම ක්‍රමවේදයන් අනුගමනය කරමින් සහ දැනට කල් ඉකුත්ව නිතර අලුත්වැඩියා කරන පයිප්ප වෙනුවට නව ජල නල කඩිනමින් එලීම සහ අපතේ යන සහ කාන්දු වන ජල පද්ධතීන් සඳහා වන ක්ෂණික පිළිසකර කිරීමේ වැඩ පිළිවෙළ යටතේ මෙම ඉලක්කයට පහසුවෙන් ළගා විය හැකි බවද වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේ ය.

මීට අමතරව ඉදිරි මාස කිහිපය තුලදී නව ජල ව්‍යාපෘති හතරක් විවෘත කිරීමට සූදානම්ව ඇති බවද කියා සිටියේය. ඒවානම් පට්ටිවිල කැලණි ගඟ දකුණු ඉවුර ජල සමපාදන ව්‍යාපෘතිය, දැදුරුඔය ජල සම්පාදන ව්‍යාපෘතිය , නාගදීප හා වව්නියාව ජල සම්පාදන ව්‍යාපෘතීන් වේ. එමගින් නව ජල සම්බන්ධනයන් 250,000 ට වැඩි ප්‍රමාණයක් ලබා දිය හැකි වේ. තවද 2021 මාර්තු වන විට කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය, විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය හා අලුත්ගම මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘති විවෘත කිරීමට නියමිතව ඇති අතර එමගින් නව ජල සම්බන්ධනයන් 150,000 ට වැඩි ප්‍රමාණයක් ලබා දිය හැකි වේ.

 

 

 

 

 

 

The post සෑම ගමකටම, සෑම පවුලකටම පානීය ජලය ලබාදීමේ දුෂ්කර අභියෝගය ජය ගැනීමට ඒකාබද්ධ සැලැස්මක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG