ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ මෙතෙක් කලක් ලෝකයේ කාර්ය බහුල ගුවන් තොටුපොළ ලෙස දිනා සිටි කීර්ති නාමය පසුබෑමකට ලක්ව තිබෙනවා.
කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ ගුවන් ගමන් සීමාව මෙම තත්ත්වයට හේතු වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ වෙනුවට පැරිසියේ චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොළ දැන් යුරෝපයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළ බවට පත්ව තිබෙනවා. යුරෝපයේ කාර්ය බහුලම ගුවන් තොටුපොළ ලෙස පැරිස් ගුවන් තොටුපොළ හීත්‍රෝ ගුවන් තොටුපොළ අභිබවා ගොස් තිබෙන්නේ ප්‍රථම වතාවටයි. මෙම වසරේ මුල් මාස නවය තුළ ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොළ වෙතින් මගීන් මිලියන දහනවයයි දශම දෙකයි හතක් පිළිගත් අතර හීත්‍රෝ ගුවන් තොටුපොළ ගුවන් මගීන් මිලියන දහඅටයි දශම නවයයි හතක් ප්‍රවාහනය කර ඇති බව හීත්‍රෝ ගුවන් තොටුපොළ බලධාරීන් පවසනවා.
The post පැරිසියේ චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොළ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ අභිබවා යයි appeared first on ITN News.
Post a Comment