ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කරා ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා. පොළොන්නරුවේ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පුහුණු නිලධාරීන්ගේ හා පාසල් ක්‍රීඩා ගුරුවරුන්ගේ ගැටලු පිළිබද සාකච්ඡාවක් පැවැත්වුණේ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශයේ ක්‍රීඩා පහසුකම් ඉහළ නැංවීම ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවුණා. ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගනය හා පොළොන්නරුව දීපඋයන භූමිය ද අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක් වූ අතර මහජන නියෝජිතයන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.
The post ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කරා ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment