කොරෝනා රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ මීටරයක ජීවිතය වැඩසටහන නැගෙනහිර පළාතේද ක්‍රියාත්මක කෙරුණා.
පොලිසිය සහ තරුණ සේවා සභාව එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. නැගෙනහිර පළාත් ප්‍රධාන උත්සවය මඩකලපුව නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනතාව දැනුවත් කිරීමේ ස්ටිකර් බස්රථවල ඇලවීම මේ යටෙත් සිදු කෙරුණා. මුඛ ආවරණ පැලදීම සහ අත් සේදීම ඇතුලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු කෙරුණා.
The post කොරෝනා ගැන ජනතාව දැනුවත් කිරීමේ මීටරයක ජීවිතය වැඩසටහන නැගෙනහිර පළාතටත් appeared first on ITN News.
Post a Comment