ආර්ථික පුනර්ජීවන හා දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ දී එකී ප්‍රදේශ තුළ තම ඖෂධශාලා බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරමින් නිවෙස් වෙත ඖෂධ බෙදාහැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් අවසර දෙනු ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ දී අවහිරතාවයකින් තොරව මහජනතාව වෙත ඖෂධ ලබාදීම තහවුරු කිරීම සඳහා මෙම අනුමැතිය ලබාදෙන අතර, නිරෝධායන සෞඛ්‍ය නීති සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරන මෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටී.
The post නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ඖෂධ බෙදා හැරීමට අවසර appeared first on ITN News.
Post a Comment