Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකොළොස්දහස ඉක්මවයි  

Add comments

අද උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 397 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11060 ක්.

අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 397 දෙනා සමඟ මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7582 ක්. ඉන් 1041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 6541 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා.

අද උදෑසන වන විට හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 397 දෙනාගෙන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 41 දෙනෙකු ඇතුළත්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 179 දෙනෙකු  , කොළඹ දිස්ත්‍රික්කයෙන් 93 දෙනෙකු ,කළුතර දිස්ත්‍රික්කයෙන් 33 දෙනෙකු , කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙකු ,කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් 05 දෙනෙකු,පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් දෙදෙනා බැගින්ද , හම්බන්තොට , ත්‍රිකුණාමලය , මාතර ,රත්නපුර, පොලොන්නරුව ,මන්නාරම, අනුරාධපුරයන දිස්ත්‍රික්කවලින් ඒක් අයෙකු බැගින් හඳුනාගත්තා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් 11060 දෙනා අතුරින් 6134 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගීන් 405 දෙනෙකු පසුවන අතර මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4905 ක්. වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 21 ක් වනවා.

ඊයේ දිනයේදී 21 වන කෝවිඩි ආසාදිත මරණය වැලිසර ළය රෝහලෙන් වාර්තා වුණා. අධි රුධිර පීඩනය සහ ශ්වසන ආබාධ හේතුවෙන් පසුගිය 23 වනදා එම පුද්ගලයා රෝහල්ගත වී තිබෙනවා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකොළොස්දහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG