Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දීපවාලි සමය තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්  

Add comments

එළඹෙන දීපවාලි උත්සව සමය තුළදී ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

දීපවාලී උත්සව සමය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාව වයිරසය පිළිබඳව දක්වන අඩු සැලකිල්ල මෙම තත්ත්වය උද්ගතවීමට මූලික හේතුව ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ. මාස කිහිපයකට පසු ජනතාවට ලැබුණු නිදහස හමුවේ සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීමට ඔවුන්ගේ ඇති උනන්දුව අවම තත්ත්වයක පවතින බවද  සෞඛ්‍ය අංශ පවසනවා. පසුගිය සති අන්තයේදී දිල්ලි අගනුවරට පැමිණි බොහෝමයක් ජනතාව කිසිඳු සෞඛ්‍ය ආරක්ෂණ උපදෙසක් අනුගමනය කරන අයුරු දක්නට නොලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

The post දීපවාලි සමය තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG