Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්ත අගමැති ජසින්ඩා සිය උප අග්‍රාමාත්‍යවරයා නම්කරයි  

Add comments

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් සිය උප අග්‍රාමාත්‍යවරයා නම්කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ග්‍රාන්ස් රොබට්සන් උප අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීමටයි ජසින්ඩා ආර්ඩන් කටයුතු කර ඇත්තේ. උප අග්‍රාමාත්‍ය ධුරය දරන අතරතුරදීම ග්‍රාන්ස් රොබට්සන් මුදල් අමාත්‍ය ධුරය ද දැරීමට නියමිතයි. ආර්ඩන්ගේ නව ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය සදහා පළමු වරට කාන්තාවක නම් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව නනයියා මහුතා නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යවරිය බවට පත්වනු ඇති. 1996 වසරේදී සමානුපාතික ඡන්ද ක්‍රමය හදුන්වා දීමෙන් පසු තනි පක්‍ෂයක ආණ්ඩුවක් පළමු වරට පත්කර ගැනීමට තරම් විශාල ජන වරමක් මෙවර මහ මැතිවරණයේදී ජසින්ඩා ආර්ඩන්ට හිමිවුණා.

 

 

 

 

The post නවසීලන්ත අගමැති ජසින්ඩා සිය උප අග්‍රාමාත්‍යවරයා නම්කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG