අද (05) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසිය පනස් හය දෙනෙකු (156) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත.
ඒ අනුව, කොග්ගල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් අනූ දෙදෙනෙකු (92) ද, රන්වැලි හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් විසි හත් දෙනෙකු (27) සහ ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිස් හත් දෙනෙකු (37) වශයෙන් වේ.
එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද (05) දිනය වනවිට පුද්ගලයින් 63,439 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.
අද (05) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 2,601 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
The post නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත appeared first on ITN News.
Post a Comment