Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 443ක් – සමස්තය 12187 දක්වා ඉහළට  

Add comments

ඊයේ (04) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 443 දෙනෙකු හදුනාගත් බව කෝවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ හදුනාගත් ආසාදිතයන් 443 දෙනා ද සමගින් මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණ කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 8713 දක්වා ඉහළ ගියා. ඒ අතුරින් 1041 දෙනෙකු සේවක සේවිකාවන් වන අතර 1007 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් ද සෙසු 6665 දෙනා එම පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

එම කොරෝනා පොකුරෙන් 412 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මෙරට 24 වන කොරෝනා මරණය ද ඊයේ වාර්තා වූ අතර එසේ ජීවිතක්‍ෂයට පත්වූයේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක්.

අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී තිබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12187 ක්. ඉන් 6305 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 400 ක් වන අතර මේ දක්වා මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5858 ක්.

 

 

 

 

 

 

The post ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 443ක් – සමස්තය 12187 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG