Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාවගේ පාලනයක් සහිත රජයක් බිහි කරන බව බයිඩ්න් කියයි  

Add comments

මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්න වී සිටින ඩිමොක්ක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් තීරණාත්මක විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයෙන් පසු නැවතත් ජනතාව ආමන්ත්‍රණය කළා

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඩිමොක්ක්‍රටික් පක්ෂ රජයක් බිහි කිරීම පිළිබඳව තවදුරටත් සැකයක් ඇති කර  නොගත යුතු බවයි. තමා ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනතාවගේ පාලනයක් සහිත රජයක් බිහි කරන බව අවධාරණය කළා.

ඇමෙරිකාවේ පවතින විවිධ මතභේද පිළිගත් ඩිමොක්ක්‍රටික් ජනාධිපතිධූර අපේක්ෂක බයිඩ්න් කිසිවෙකු සතුරන් නොවන බවද අවධාරණය කරනවා. ඇමෙරිකානු පොක්ස් නිවුස් සේවාවට අනුව ජෝ බයිඩ්න් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සඳහා අවශ්‍ය  වන්නේ තවත් ඡන්ද විද්‍යාල 6ක් පමණයි. ඔහු මේ වනවිට ඡන්ද විද්‍යාල 264ක් හිමි කරගෙන සිටින අතර රිෆබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක් පමණයි. ඡන්ද ගණන් කිරීම දූෂිත බව සඳහන් කරමින් ගණන් කිරීම අත්හිටුවන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ නඩු පැවරීමට රිෆබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරමින් සිටින බවද වාර්තා වනවා.

 

 

The post ජනතාවගේ පාලනයක් සහිත රජයක් බිහි කරන බව බයිඩ්න් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG