අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 959 ක් රත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. මේ අතර කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්වුණා.
මීටියාගොඩ පොලිස් වසමේ පැරෑලිය ප්‍රදේශයේ ධීවරයෙකු සතුව තිබියදී අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණා. රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ. සැකකරු පවසා ඇත්තේ මෙම පාර්සලය මුහුදෙන් අහුලාගත් බවයි. ඔහු හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මීටියාගොඩ පොලීසියට භාර දී තිබෙනවා.
The post ධීවරයෙකු සතුව තිබියදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment