Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට ගත් තීරණයට එළවළු වෙළඳුන්ගේ සහ ජනතාවගේ ප්‍රසාදය  

Add comments

තොග වෙළදාම සදහා ආර්ථික මධ්‍යස්ථාන යලි විවෘත කිරීමට රජය ගත් තීරණයට එළවලු වෙළදුන් සහ ජනතාව ප්‍රසාදය පළ කරනවා.

කොරෝනා ව්‍යාප්තියත් සමග බස්නාහිර ඇතුලු ප්‍ර දේශ කිහිපයක ආර්ථික මධ්‍යස්ථාන තාවාකාලිකව වසා දැමුණා. ඒ සෞඛ්‍ය නිර්දේශවලට අනුවයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් විශේෂයෙන් එළවලු ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්වුණා. ඒ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම‌ හේතුවෙනුයි. එළවලු හිගය නිසා පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත්වුණා. එම තත්ත්වය හමුවේ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් කටයුතු සදහා යළි විවෘත කිරීම තුළින් තම නිෂ්පාදනවලට හොද වෙළදපොලක් යළි හිමිව ඇති බවයි උඩරට ගොවීන් පවසන්නේ. කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් ද මේ සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පළ කළා.

 

 

The post ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට ගත් තීරණයට එළවළු වෙළඳුන්ගේ සහ ජනතාවගේ ප්‍රසාදය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG