ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරයේ තවත් අදියරක් ක්‍රියාවට නංවමින් නිරෝධායනය වන පවුල් සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මකයි.
රූපවාහිනී මහ ගෙදර ලෙස ස්වාධීන රූපවාහිනී සේවය මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ සෑම ආපදා අවස්ථාවකදීම ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වුණා. කොරෝනා ව්‍යසනය හමුවේ නිරෝධායනයට ලක්ව සිටින පවුල් සදහා අත්‍යවශ්‍ය ආහාර ඇතුලු භාණ්ඩ පරිත්‍යාග කිරීම මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලවලට අවශ්‍ය උපකරණ ලබාදීම තවත් අදියරක් ලෙස ක්‍රියාවට නංවා ඇත්තේ දිස්ත්‍රික් 306 සී එක සිංහ සමාජය සමග අත්වැල්බැද ගනිමින්. බත්තරමුල්ලෙන් එම කටයුතු ආරම්භ කෙරුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, ප්‍රධාන විධායක නිලධාරී නලීන් නිශ්ශංක හා 306 සී එක සිංහ සමාජයේ සිංහාධිපති චේතිය පරණතන්ත්‍රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
The post ITN මනුෂ්‍යත්වයේ සත්කාරයෙන් නිරෝධායන පවුල් වෙත අතහිත appeared first on ITN News.
Post a Comment