මහ කන්නයේ ගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලේ බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුවනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවිජන බල ප්‍රදේශ 33 ක ගොවීන් තිස්දහසක් පමණ මෙවර කුඹුරු අස්වැද්දීම සිදු කරනවා. එම සම්පූර්ණ වගා බිම් ප්‍රමාණය හෙක්ටාර දහතුන්දහස් හාරසිය පහක්. මේ වන විට මහ කන්නය සදහා පොහොර මෙට්‍රික්ටොන් 253 යි දශම හතරයි හතරක් බෙදා හැර තිබෙනවා. රසායනික පොහොර,දියර පොහොර හා කාබනික පොහොර ඒ අතර වනවා. පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් මෙවර ද අස්වද්දා තිබෙනවා. ඉන් ඉහළ අස්වැන්නක් බලාපොරොත්තුවෙනවා. නොමිලේ පොහොර ලබා දීමත් සමග වැඩි වශයෙන් වගා කටයුතු සදහා ගොවීන් උනන්දු වන බවයි කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ.
The post මහ කන්නයේ ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදා හැරීමේ කටයුතු මේ දිනවල appeared first on ITN News.
Post a Comment