ඇමෙරිකාවේ ජනාධිපතිවරණ උණුසුම පවතින පසුබිමකදීත් ගතවූ පැය 24 තුළ එරටින් වාර්තාවූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියා.
ඊයේ දිනය තුළදී එරටින් හදුනාගත් නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ දහඅටදහස් දෙසිය හතක්. ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද වාර්තා වුණේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව එක්දහස් එකසිය විසිපහක්. මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අනූනව ලක්ෂය ඉක්මවනවා. මේ අතර ගෝලීය කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව හාරකෝටි අනූලක්ෂ පනස් හය දහස් හයසිය හැට හතරන් ලෙසයි දැක්වෙන්නේ.
The post පසුගිය පැය 24 තුළ ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යයි appeared first on ITN News.
Post a Comment