විදේශයන්හි සිටි තවත් 139 දෙනෙකු දිවයිනට පැමිණියා.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කටාර් සහ ඉන්දියාවේ සිට ඔවුන් පැමිණ ඇති බවයි කොවිඩ් නයින්ටින් පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
චීනයෙන් සහ මාලදිවයිනෙන් තවත් තුන් දෙනෙකු පැමිණෙනවා.
ඔවුන් සියලුදෙනා පී සී ආර් පරික්ෂණවලට ලක්කිරිමෙන් පසු නිරෝධායනය සදහා යොමුකිරිමටයි පියවර ගෙන තිබෙන්නේ.
මේ අතර මධ්‍යස්ථාන 79 කදී මේවන විට නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 6276 ක්. ඊයේ දිනයේදී පමණක් දාහතර දහස් නවසිය තිස් තුන් දෙනෙකුට පී සී ආර් පරික්ෂණ සිදුකර තිබෙනවා.
The post තවත් ශී‍්‍ර ලාංකිකයින් 139 දෙනෙකු දිවයිනට appeared first on ITN News.
Post a Comment