Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වනාතවිල්ලුවේ මියගොස් සිටි පක්ෂීන්ගේ ශරීර කොටස් රජයේ රස පරික්ෂක වෙත  

Add comments

පුත්තලම වනාතවිල්ලුව එළුවන්කුලම රාල්මඩුව වෙල්යායේ මියගොස් සිටි පක්ෂීන්ගේ ශරීර කොටස් රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

බෂ්ලාර්ක් නැමති පක්ෂීන් වී කුරුල්ලන් හා පරෙවියන් ඇතුලු එකසිය පනහකට ආසන්න පක්ෂීන් සංඛ්‍යාවක් මෙසේ මිය ගොස් තිබුණා. එම පක්ෂීන් මිය යාමට තුඩුදුන් හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන්  අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ක්‍රියාත්මකයි.

පක්ෂීන් මියයාම සිදුවූයේ කුමන කාරණයක් මතද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම සදහා මිය ගිය පක්ෂීන්ගේ කොටස් රජයේ රස පරික්ෂකවරයා යොමු කිරීමට පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කටයුතු කර තිබෙනවා.

මිය ගිය පක්ෂීන් ආරක්ෂිතව ඉවත් කිරීමට ද වනජීවී නිලධාරීන් පියවර ගනු ලැබුවා.

 

 

 

The post වනාතවිල්ලුවේ මියගොස් සිටි පක්ෂීන්ගේ ශරීර කොටස් රජයේ රස පරික්ෂක වෙත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG