ස්පාඤ්ඤයේ කොවිඩ් නයින්ටීන් වැලදීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව පනස් දහස ඉක්මවා තිබෙනවා. එරට තුළ කොවිඩ් ආසාදිතයින් ලක්ෂ දහනවයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. කෙසේ වෙතත් වයිරසය පැතිර යාමේ වේගය පාලනය කිරීමට තමන්ට හැකි වූ බව ස්පාඤ්ඤ රජය ප්‍රකාශ කර තිබෙනවා. නත්තල සමග ජනතාව සිය නිවාඩු කාලය උත්සවශ්‍රීයෙන් ගත කිරීම නිසා කොරෝනා ව්‍යාප්තිය ඉදිරි කාලයේ දී විශාල වශයෙන් ඉහළ යාමේ අවදානමක් ද ඇති බවට එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ස්පාඤ්ඤය කොරෝනා එන්නත් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් ගුවන් යානා හතරක් මගින් ගෙන්වා තිබෙනවා. සෑම සදුදා දිනකම මෙම කොරෝනා එන්නත් ජනතාවට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
The post ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පනස් දහස ඉක්මවා යයි appeared first on ITN News.
Post a Comment