Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ ආරක්ෂක වියදම ට්‍රම්ප්ගේ විරෝධතා මැද සම්මත වෙයි  

Add comments

ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක වියදම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විරෝධතා මැද සම්මත වෙයි.

ඇමරිකා ඩොලර් බිලියන හත්සිය හතලිහක වටිනාකමින් යුතු මෙම ආරක්ෂක වැය සිය නිෂේද බලය භාවිත කරමින් වැලැක්වීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ ගත්තා. මේ හේතුවෙන් රිපබ්ලිකන් පක්ෂය තුළ බරපතල අභ්‍යන්තර මතභේද ද හට ගත්තා. කෙසේ වෙතත්  ඡන්ද විමසුමේදී ඇමරිකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන්සිය විසි දෙදෙනෙකු පනතට පක්ෂවත් අසූ හත් දෙනෙකු විරුද්ධවත් ඡන්දය ප්‍රකාශ කළා. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් 109 දෙනෙකු ද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් අවසන් ඡන්ද විමසුම මෙම සතිය තුළදි පැවැත්වීමට නියමිතයි. සෙනට් සභාව ද අදාළ වැය අනුමත කළහොත් ට්‍රම්ප්ගේ නිෂේද බලය සම්පුර්ණයෙන්ම පරාජයට පත්වූ ප්‍රථම අවස්ථාව බවට මෙය පත්වනු ඇති. ඇතැම් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් තමන්ට විරුද්ධව ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි කෝපයකින් පසුවන  බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. ජනාධිපති ධූරය සදහා පත්ව සිටින ජෝ බයිඩ්න් ලබන මස විසි වනදා ධූරයෙහි දිවුරුම් දීමට නියමිතයි.

The post ඇමරිකාවේ ආරක්ෂක වියදම ට්‍රම්ප්ගේ විරෝධතා මැද සම්මත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG