එකම පවුලේ දියණියන් 3 දෙනෙකු මෙහෙණි සසුනට දායාද කිරීමේ උතුම් පිංකමක් අනුරාධපුර විහාර මහාදේවී ආරාමයේදී සිදුකෙරුණා.
අනුරාධපුර විහාර මහාදේවී ආරාමාධිපතිනී සමස්ත ලංකා සිල්මාතා ජාතික බල මණ්ඩලයේ ප්රධාන සංවිධායක අනුරාධපුර සුමනසීලි මෙහෙනින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම පිංකම සංවිධාන කෙරුණා. දෙහිඅත්ත කණ්ඩියේ සුලක්ෂිකා, ඉහළ බියන්විල සුහර්ශනා, සහ බදුරලියේ සුපර්නා යන පැවිදි නම්වලිනුයි කුල දැරියන් පැවිදි බිමට ඇතුළත් වුණේ. බදුරිලියේ සුපර්නා මෙහෙණින් වහන්සේගේ ගිහිකල මව සහ පියා ද මේ වන විට සසුන්ගත ව සිටිනවා. මෙම උතුම් පිංකමෙන් අනතුරුව දහවල් දානමය පිංකමක් ද පැවැත්වුණු අතර මහාසංඝරත්නය ප්රමුඛව දසසිල් මාතාවන් සහ සැදැහැවතුන් ඇතුළු පිරිසක් ඊට එක්වුණා.
The post එකම පවුලේ දියණියන් 3 දෙනෙකු මෙහෙණි සසුනට දායාද කිරීමේ පිංකමක් appeared first on ITN News.
Post a Comment