පිළිකා රෝගීන් සදහා වන විකිරිණශීලි ඖෂධ රටතුළ නිපදවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ තුළින් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන බවයි සූර්ය බල සුළං ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී හෙළි වුණේ.
දුමින්ද දිසානායක මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. විකිරිණශීලි ඖෂධ රටතුළ නිපදවීම සදහා පරමානුක බලශක්ති අධිකාරිය සහ පරමානුක බලශක්ති අධිකාරි නියාමන සභාව යොදාගත හැකි බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ මෙම කාර්යය සදහා තම අමාත්‍යංශය සෑම සහයක් ම ලබාදෙන බවයි.
The post පිළිකා රෝගීන් සඳහා වන විකිරණශීලි ඖෂධ රටතුළ නිපදවීම කෙරෙහි රජයේ අවධානය appeared first on ITN News.
Post a Comment