ඇමෙරිකාවේ යෝජිත කොරෝනා සහන පැකේජයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
ඩොලර් බිලියන නවසියක වටිනාකමකින් යුතු සහන පැකේජය සඳහා තමා අත්සන් නොතබන බවයි ඊයේ දිනයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ. ඇමෙරිකා ජනතාවට මෙම යෝජිත සහන පැකේජයෙන් ලැබීමට නියමිත මුදලට වඩා වැඩි මුදලක් ලබාදීම තමාගේ අරමුණ බව පවසමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා. කෙසේ වුවද යෝජිත සහන පැකේජය නීතියක් බවට පත් කරමින් ඔහු එයට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ සමඟම මිලියන දාහතරක් පමණ ඇමෙරිකා වැසියන්ගේ රැකියා සුරක්ෂිත වන බවද වාර්තා වනවා. ට්‍රම්ප් සහන පැකේජය අනුමත නොකළේ නම් රජයේ ආයතන රැසක් ද වසා දැමීමට සිදුවන බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ. මෙම සහන පැකේජයට පෙඩ්රල් රජයට අයත් ඩොලර් ට්‍රිලියන 1.4ක මුදල් ද ලබා දීමට නියමිතයි.
The post කොරෝනා සහන පැකේජයට ට්‍රම්ප් අත්සන් තබයි appeared first on ITN News.
Post a Comment