මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් රැසකින් වාර්තා වනවා.
යුරෝපා රටවල් රැසකින් මෙන්ම කැනඩාව හා ජපානයෙන්ද නව කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් වාර්තා වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. ස්පාඤ්ඤය , ස්විස්ටර්ලන්තය , ස්වීඩනය හා ප්‍රංශයට බ්‍රිතාන්‍ය යේ සිට පැමිණි සංචාරකයින් රැසකට ද නව ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. කැනඩාවෙ නව ප්‍රභේදය ආසාදනය වූ යුවලට වයිරසය වැළදුනු ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ. බ්‍රිතාන්‍යයේ සිට ජපානයට පැමිණි සංචාරකයින් පස් දෙනෙකුට නව වයිරස ප්‍රභේදය වැළදී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඒ හේතුවෙන් මාසයක කාලයක් සඳහා කිසිඳු විදෙස් සංචාරකයෙකුට රටට ඇතුළුවීම තහනම් කිරීමට ජපාන බලධාරීන් පියවර ගත්තා. මේ අතර නව වයිරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ යුරෝපා රටවල් රැසක් හදිසි අවස්ථාවක් ලෙස සළකා වයිරසයට එරෙහි එන්නත් ජනතාවට ලබාදීම මෙම සතියේ ආරම්භ කිරීමට නියමිතිය.
The post බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ප්‍රභේදය ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment