ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි උද්ඝෝෂණ ඉහළ යමින් පවතිනවා.
කොවිඩ් නයින්ටීන් අර්බුදය හමුවේ ඊශ්රායල රජය ඉතා අකාර්යක්ෂම පියවරක් ගත් බවයි උදඝෝෂකයින් පවසන්නේ. එසේම නෙතන්යාහුගේ පාලනය අතිශයින් දූෂණකාරීවී ඇති බව ඔවුන් සඳහන් කරනවා. නෙතන්යාහුගේ ආණ්ඩුව පසුගිය අයවැයේ දී පරාජයවීම නිසා ඉදිරි මාර්තු මාසයේ දී මහ මැතිවරණයක් ද පැවැත්වීමට නියමිතයි. වසර දෙකක කාලයක් තුළ ඊශ්රායලය ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ 4 ක් පවත්වා තිබෙනවා. බෙන්ජමින් නෙතන්යාහුගේ ජනප්රියත්වය ශීඝ්රයෙන් පහළ වැටීමත් සමඟ ඔහු සන්ධාන ආණ්ඩු පිහිටුවා ගැනීම සඳහා පසුගිය කාලයේදී කටයුතු කළා.
The post බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි උද්ඝෝෂණ ඉහළට appeared first on ITN News.
Post a Comment