සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු නිෂ්පාදන ලබන වසර මුල සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ රුපියල් මිලියන නවසිය හැටක වටිනාකමකින් යුත් සැෂේ පැකට්වල අඩංගු ෂැම්පූ, හෙයාර් ඩයි හා හෙයාර් ජෙල් වර්ග මෙරට ජනතාව වසරක් තුළ භාවිත කරන බවයි. පරිසරයට අතිශයින් අහිතකර සැෂේ පැකට් වෙනුවට විකල්ප නිෂ්පාදන කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුවුණා. මේවා තහනම් කිරීමට පෙර එම ව්‍යාපාරවල නිරතවන පිරිස් මුහුණදෙන ගැටලු පිළිබදව ද සාකච්ඡාකර තිබෙනවා.
සංඛ්‍යා ලේඛණ වාර්තා අනුව රුපියල් ලක්ෂ 26 ක ෂැම්පූ, හෙයාර් ජෙල් හා හෙයාර් ඩයි සැෂේ පැකට් දිනකට අලෙවි කෙරෙනවා. භාවිත කිරීමෙන් පසු අදාළ පැකට් කිසිදු සැළකිල්ලකින් තොරව පරිසරයට මුදාහැරෙනවා. එය බරපතල ගැටලුවක්.
The post සැෂේ පැකට්වල අඩංගු ආහාර හා ඖෂධ නොවන සියලු නිෂ්පාදන ලබන වසරේ සිට තහනම් appeared first on ITN News.
Post a Comment